Kapila wasthu Dathun Wandana
00:00
00:00
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කලානම් හෝ නොකලානම් මෙය අනිවාර්යයෙන්ම අහන්න ( MP3 ලින්ක්.)

ඔයත් කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කලාද? කලානම් ඔබ දන්නවද? යමෙක් බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනා කිරීම යනු ජීවමාන බුද
ුන් දැක වන්දනා කලා හා සමානව මහත් සේ පින් රැස්වෙන උතුම් පුණ්‍ය කර්මයකි.අබවින් ඔබ සිදු කරගනේ ඇත්තේ මේ ජීවිතයේ කරගන්න
පුළුවන් ලොකුම පින් කමයි.ඔය තාමත් කැලණිය රජමහ විහාරයට ගොස් කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා නොකලානම්..මේ මොහොතේම යන්න.
පින යනු සැපයටම කියන නමකි. පින යනු මනාකොට තැන්පත් කරන ලද නිධානයකි.මේ සසර ගමනේ නිවන් දක්නා තෙක් පින අපේ ජීවිතය සැපවත් කරයි.එබැවින් අපි නිතර පින් කළ යුතු ය. පින් නොමැති වීමෙන් හා අඩු වීමෙන් ජීවිත වල නොයෙක් අඩුපාඩුකම් වගේම සැප විපාක වල අඩුපාඩුකම් සිදුවනු ඇත. එනිසා පින් කිරීමට කම්මැලි විය යුතු හෝ පසුබට විය යුතු නැත.

“අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ”

යන ලෝවැඩ සඟරාවෙහි කියමනට අනුවද අද අදම පින් කර ගත යුතුව ඇත. හෙට, අනිද්දා, තව කාලෙකින් මාරයා එයි කියා නොසිතිය යුතු ය. හොඳ දේ කිරීමට උනන්දු විය යුතු අතර නරක දේ කිරීමට ලැජ්ජා බිය ඇති කර ගත යුතු ය. එම කරුණු සිතට ගෙන තව තවත් පින් සිතුවිලි වර්ධනය කර ගනිමින් මනුෂ්‍යත්වය අර්ථවත් කර ගැනීමටත්, ගුණ ධර්මයෙන් අලංකාර වීමටත් වස් කාලය තුළ විහාරස්ථානය හා සම්බන්ධව තම කායික මානසික දෙඅංශයම යොදවා සියලු යහපත් කටයුතු සාර්ථක කර ගන්නා ලෙසට ද ඉල්ලා සිටීමට කැමතියි.තෙරුවන් සරණයි.!

Licence : All Rights Reserved


X